පැමිණි දුක් පැනි රසයි 07 - Sithu Lakshi Amarasinga

හම්ම් ඒදවස් කොච්චර ලස්සනද. අද ඉන්නෙ අශින්යා වුනාට ඒ දවස් වල හිටියේ දගකාර A3. ඔව් ඒ අවුරුදු 3ට කලින්. මේ අවුරුදු 3න ඇතුලත හුගක් දේවල් වෙනස් වුණා. යාළුවෝගොඩක් හිටිය දඟකාර A3 මැරිලා හිතුවක්කාර නපුරු අශින්යා කෙනෙක් ඉපදුන.
අවුරුදු 3ට කලින් වෙච්ච හැම දේකටම වගකියන්න ඕනෙ වෙන කව්රුවත් නෙමෙයි මගේ අයියා නිරාදක.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆














සංජි මගේ හොදම යාලුව. ඒකි දුප්පත් ගම ඇඹිලිපිටිය.
ශිෂ්තත්වයක් හම්බ වෙලා තමයි ගමේ ඉස්කෝලෙන් සංඝමිත්තාවට ආවේ. දුප්පත් නිසා කවුරුත් එයාව ගනන් ගත්තේ නෑ සුදු ගවුම පරන පාට නිසා හැමෝම එයාව කොන් කරා.
මං හැමදේම බලන් හිටියේ ඉස්කෝලෙ ඇරෙනකම්.

මට තාමත් මතකයි මං ඒ නම කිව්වම සංජීවනී බය වෙලා මගෙ දිහා බලන් හිටපු විදිහ.









ගමේ ඉදන් ආවට මෙහෙ ජීවිතේ සංජීවනීලට මැජික් වගේ. මට සතුටුයි ඒ වගේ කෙනෙක්ට උදව්වක් කරන්න ලැබෙන එකට. අපි සංජීවනීගෙ අම්මල ඉන්න තැනට ගිහින් එයාලවත් අරගෙන අපේ ගෙදර ආව. එයාලගෙ කතාවෙන් ඒ මිනිස්සු කොච්චර අහිංසකද කියලා මට තේරුණා.
◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇












◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇
මං චේන්ජ් එකක් දාගෙන පල්ලෙහාට එද්දි .
see you:
Post a Comment