පරණ මතකය - Nadeesha Sewwandi

කඳුළු බිඳු වෑහුනා...
නෙකපාට හීන පොදි
අතරමඟ බොඳවුණා...
හැමදේට ළඟින් හුන්
රෝසමල පරවුණා...
කිසිදාක නුඹ යළිත්
නාඬන්න ඈ සොයා...
රෝස මල්පෙති
හැළුන පාරක
දිනෙක නුඹ යළි
යනෙන මොහොතක,
තනිය මැකු නුඹෙ
රෝස කැකුලක...
මතක පාරයි
නුඹේ හදවත...
කඳුළු අතරින්
සිනා මවමින්...
රණ්ඩු කරමින්
ඔහේ හිඳිමින්...
ගෙවූ කාලය
නිමා කරමින්...
නික්ම ගොස් ඈ
නුඹට කලියෙන්...
Post a Comment