පැමිණි දුක් පැනි රසයි 01 -Sithu Amarasinghe

පැමිණි දුක් පැනි රසයි 



01. කොටස

ආදරයේ වේදනාව 
හදට දැනුන යම් දවසක
හුදකලාව නොදැවී යලි
එන්න මා සොයා.....

විශාරද නන්දා මාලනී මහත්මියගේ ඒ සින්දුවේ වචනයක් වචනයක් පාසා රැදුනෙ මගේ හදවතේ. කොච්චර අමතක කරන්න හැදුවත් චූටි පුතුව දකින හැම මොහොතකම මට ඔයාව මතක් වෙනවා.

මගේ කුසට මාස තුනක් වෙද්දී ඔයා මගේම බාල සහෝදරී එක්ක අලුත් ජීවිතයක් පටන් ගත්තා. මං ඔයාලට ආශිර්වාද කලා. ඔයාට පින් දුන්නා මාව තනි නොකර මට පුතෙක් දීලා ගියාට.

අපි දෙන්න කොච්චර ආදරෙන්ද හිටියේ. මොනා කරන්නද ඒ මගේ ලැබීම වෙන්න ඇති. මට දුක ඔයා මට කරපු දේට නෙමෙයි. මගේම සහෝදරී මගේ හොදම යාලුව මට දීපු මේ ගින්දරටයි.
************************

මං අශින්යා අන්ජානි අමරසිංහ.මගේ නික්නේම් එක ත්‍රීපල් A. පවුලේ තුන්වෙනිය මම. අයියා(නිරාදක), අක්කා(අවන්යා, මායි, නංගියි(ආරාද්යා) මල්ලී(නිරාද්ය) තමයි අපෙ අම්මාගෙයි(අනුජි) තාත්තාගෙයි(නිරුද) ලෝකය. අපේ නම් දාල තියෙන්නෙ ඒ දෙන්නගෙ නම් වලට ගැලපෙන්න.

අයිය නම් මැලේසියාව ඉන්නෙ. එයා එහෙන්ම බෙරයක් සෙට් කරන් එහේම සෙට්ල් වෙලා ඉන්නෙ. වයිපරේගෙ කොම්පැනිය දැන් අපෙ අයියාගෙලු ඉතින්. හැබැයි අපිට නම් කිසිම වාසියක් නෑ. කිඹුල්ලු 2 යි චූටි කොලු පැටියෙකුගෙයි තාත්ති කෙනෙක්.

අක්කියි මායිත් කිඹුල්ලු ලු ඉතින්. ඒත් අවාසනාවට අක්කි ඉපදෙන කොට පපුවේ සිදුරක්ලු. අපි දෙන්නට අවුරුදු හතරක් වෙද්දී අක්කි අපිව දාල යන්නම ගියා.

නංගි o/l කරලා කොම්පියුටර් ක්ලාස් එහෙකට යනවා.

මල්ලි තාම දහය වසරෙ.

මං හොදට ඉගෙන ගත්තා. නැටුම්, රූපලාවන්‍ය, මැහුම්, සූපවේදය, මැනෙජ්මන්ට්, පේන්ටින්ග් ඉගෙන ගත්තා. ලංකාවේන් පිට තමයි හුගක් හිටියේ.

see you again:-
¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤

No comments