මනමාලී - Savi Vithanage

Savi Vithanage to කතා පොකුර

මනමාලී

ඊයේ රෑ නිදාගනිද්දිත් දොළහට කිට්ටුයී...ඒත් යාන්‍තම් ඇහැ පියවන් එද්දී අම්ම කෑ ගැහුවේ සැලුන් එකේ තමාරා අක්කා ඇවිත් කියලයි..ඉක්මනට නැඟිටලා වොශ් එකක් දාගෙන මන් රූම් එකට එද්දී තමාරා අක්කයි එයාගෙ උදව්වට ආව ගෑනු ළමයයි..සේරම ලෑස්ති කරන් බලන් ඉන්නවා...
""අයියො කොන්ඩෙ ටිකක් තෙතයි නේ..
""මෙතන යාන්තමට පිම්පල් එකක් ඇවිල්ලා...
""ඔහොම ඉන්න ජැකට් එකේ පටි තද කරන්න..
""අහ්..සොරි නංඟි කට්ට ඇනුනද..
""තව චුට්ටයි..ඔහොම ඉන්න..
""ඔහ්..ඇස් අරින්න එපා ඇස් වලට යයි..
""ගිය ගමන් නාගන්න හොඳේ...
""නංඟි මේ බඩු ටික පරිස්සම් කරගන්න .මට හෙට හවස තව වෙඩින් එකක් තියෙනවා..
""කෝ බලමූ...
""ශා ඔය ඉන්නේ..
කොහොම හරි එහෙට මෙහෙට හරවලා අරහෙට මෙහෙට කරකවලා ,ඇනලා,ඒවා මේවා ගාලා...අන්තිමේ පැය හයක යුද්ධෙකින් පස්සෙ මම ලෑස්තියී...
ඔව්...අද තමයි මගේ විවාහ දිනය...තමාරා අක්කා මාස ගාණක ඉඳන් ඒ වෙනුවෙන් මාව ලෑස්ති කරේ..මාස තුනක ඉඳන් මන් තමාරා අක්කගෙ ඩමියක් වගේ කියන කියන විදියට හැසිරුණේ..අද තමයි ෆයිනල් ඩේ...
කැඩපතින් පේන මගේ රූපේ දිහා මන් බලන් උන්නා...කොහොමටත් මන් උසයි..කෙට්ටුයී...ම්ම්ම් ගොඩක්ම නෙවෙ..ඒත් හැඩ ලස්සන ඇඟක්...මට තිබ්බා..ඉතින් ඒ ලස්සන ඇඟ,චාම් මූණ අද වෙනස් වෙලා මාව පුන්චි සුරංගනාවියක් වගේ මනමාලියක් කරලා...
මල් බොකෙ එක දෙන්න ආව සිහින අයියත් කීවෙ..අපරාදේ මිස් උනේ කියලා....
අද තමයි මගේ ජීවීතේ ලස්සනම දවස...සතුටුම දවස...
ඒත් ඒ සතුට පරදාලා ඇඟට පුදුම තෙහෙට්ටුවක් දැනෙන්නේ...මේ ටිකේම පුදුම විදියට මහන්සි වුනෙ ...එහෙට මෙහෙට ගියේ...
කාර් එකට නඟින්න කලින් තමාරා අක්කා දුවන් ඇවිත් කීවේ ගොයින් අවෙ අඳිනකම් මුකුත් කන්නත් එපා කියලා..ඊයෙ රෑටත් කෑවද මන්දා ...කමක් නෑ මෙච්චර කරපු එකෙ ඕක මොකක්ද...
අපේ විවාහය තිබ්බේ ලස්සන වෙඩින් හෝල් එකක...දහයකුත් එකක් ගාණට තබා පෝරුවේ චාරිත්‍ර කරන්න තිබ්බේ ...
නිර්වාණ් අයියා මගේ අම්මගෙ යාලුවෙක් නිසා අඳුනගෙන අවුරුදු එකාමාරක් විතර ඇති ...අද එයා ඇඳන් උන්නේ යුරෝපිය ඇඳුම් කට්ටලයකින්..මන් ඔසරියකින්..
පෝරුවේ චාරිත්‍ර වල අන්තිම මොහොතෙ අපි උන්නේ..මට දැනෙනවා මුලු ඇඟම පණ නැති වේගෙන එනවා ...හීන් දාඩියක් මුලු ඇඟම වෙලා ගන්නවා.. අෂ්ඨක කියන සඳුන් මාමව යාන්ත්මට බොඳ වෙච්ච චායාවක් වගේ...අත් පැන් වත් කරලා චාර්ත්‍ර ඉවර කරලා පෝරුවෙන් බහින්නයි තිබුනේ..
තව දුරටත් හිටගෙන ඉන්න බැරි අපහසු ගතියක් ඇඟට දැනෙද්දි මගෙ ඇස් පියවෙනවා වගෙ මට මතකයි..
මම ආයෙ ඇස් අරිද්දී මගෙ වටේ නිර්වාන් අයියා,අපේ අම්මා,නිර්වාන් අයියාගෙ අම්මා වගේම තවත් ගොඩක් අය වටවෙලා..
""ඔහොම පෝරුවෙදි ක්ලාන්තෙ දාන්නෙ චරිතෙ හොඳ නැති අයලු..
""හීමිච්චි වගෙ හිටියට හොඳ හොඳ සෙල්ලම් නටලා ඇති...
""අපෝ....අපේ නම්බුව..
ඔය වගෙ එක එක කතා මැද්දේ සෙනඟ අයින් කරලා මට හුස්මක් ගන්න ඉඩ අරන් දුන්නේ නිර්වාණ් අයියගේ අම්මා.
""අයින් වෙන්න එ දරුවට තෙහෙට්ටු ඇති ගොඩක්...උදේට මුකුත් කාලද දන්නෙත් නෑ....
කොහොම හරි නිර්වාන් අයියම මට බත් කටක් අල්ලන් කැව්වා..
සේරම ඉවර වෙලා අපි කාර් එකට නැග්ගා .
""මටබයයි දුවෙ ඔයා ගැන .
ඒ ඇයි .....
මම් අපෙ අම්මගෙන් ඇහුවා...
""අපි නොදන්න මොකක් හරී...
අම්මා එ නොකියා කියන්නෙ මන් පෝරුවේ වැටුනේ .මගෙ චරිතෙ හොඳ නැති නිසා කියලා අම්මත් පිලිගත්තු හින්දද....
හිතට දැනුනෙ කළකිරිමක්..මන් වරදක් කරලා නැති බව මන් දන්නවා..ඒත් අම්මත් එහෙම හිතනවා නම් අනිත් අය මොනවා හිතාවිද...
දවස ගෙවුනත් අර හැඟීම හිතේ හොල්මන් කරා....උදේ නැඟිටලා මන් වොශ් රූම් ගිහින් ආවා....
""නංඟී.....
""නිර්වාන් අයියේ ..
""අපේ අම්මා හරී ..
""මොනාද....
""මේ ....
නිර්වාන් අයියා මට යමක් පෙන්නුවා....ඔව් මන් ඒක දැනන් උන්නා....
""ඔයත් අවුලින් නෙ හිටියෙ..
""නැහ් ..
මන් එහෙම කිව්වට ඇත්තට මගෙ හිත යටින් මමත් අවුලින් උන්නෙ..
""මෙ අහන්නකො නංඟි..වෙඩින් එකක් ගන්නවා කියන්නෙ ලොකු අමාරු වැඩක්..මනමාලයෙක්ට වඩා මනමාලිටනෙ කරදර...මන් දන්නවා ඔයාට ගොඩක් මහන්සි ඇති..පෙරේදා රෑත් කෑමක් නැනේ..ඊයෙ උදේත් කාලා නොඉන්න ඇති..නිදිත් මැරුවනි.ැඳුනුත් ගොඩක් හිර ඇතිඒකයි එහෙම වෙන්න ඇත්තෙ..හරි ද..අනික ඔය පුහු මනස්ගාත කවුද ගනන් ගන්නේ...වැරදි කරපු ගෑනු ලමයි,දෙන්නා තුන්දෙනා බඳින ගෑනු අය ඔය යස අපූරුවට පෝරුවෙ චාරිත්‍ර කරන්නේ...ම්ම්ම්...හණමිටි අදහස් ගැන හිතන්න එපා..
මන් ඇස් උස්සලා නිර්වාණ් අයියා දිහා බැලුවා..ඇත්තටම මෙහෙම හිතන සැමියෙක් ලැබුනු එකම කොච්චර දෙයක් ද...
""ආදරෙයි අයියේ....
මන් ඒ පපුව අස්සෙ ගුලි උනා....
.......නිමි.......
Savi vithanage

No comments