පැමිණි දුක් පැනි රසයි 02-Sithu Amarasinghe



පැමිණි දුක් පැනි රසයි 

02.කොටස 

කාලය වේගයෙන් දුවන්නේ හරියට රේස් එකක් වගේ. මං ඉතින් දෙයියනේ කියලා තිබ්බ කෝස් ටික ඉවර කරලා ගෙදර හිටියේ. සුපුරුදු පරිදි අපේ අනුජි මැඩම් (මව් යානේ) රාජකාරියට ගිහින් වගේ. යන්න ඕන ඒ පැත්තට ටිකක්. 

හම්මේ සුවද අද මොන ඉටිචෝරුවක් හදනවද දන්නෙ නෑ. අපේ අනුජියගෙ ජොබ් එක තමයි කේට්රින්.
අපේ අනුජියගෙ කෑමට ආයෙ ඉතින් 5☆ හෝටල්වල කෑම පරාදයි.

මං යද්දී දැක්ක වටේම තියෙන මේසවල එක එක කෑම ජාති පේන විදිහට නම් kids පැක් වගයක්. චූටි බර්ගර්, චූටි ෆ්‍රෙන්ච් ෆ්රයිස් බොක්ස්, චූටි onion rings බොක්ස්, orange juice, බ්රව්නීස් & ලස්සන චූටි කතාන්දර පොතකුත් දාලා kids පැක් හදල තිබ්බ. දැක්කම ආසයි.

🙋හෙයි අනුජියෝ මේ සූටි අපිට නැද්ද ඔය mini බර්ගර් පැක් එකක් එහෙම වැඩිපුර හදපු

👩අනේ අනේ මේ දරුවනම් අම්මට ඔහොමද කතා කරන්නේ ආ

👧අපෝ මේ මටනම් බෑ ඔයාගෙ ඔය ස්වීට් මූන දිහා බලන් අම්මා කියන්න. ඔයාට එහෙම අහන්න ඕන නම් අපේ අක්කා වගේ නැතුව වයසක නැන්දෙක් වගේ ඉන්න තිබ්බ.

ඔහ් මගේ කටටත් බ්රේක් නැහැනේ කියපු වචනෙ ආයෙ ඇතෙක්ට කියලවත් අද්දගන්නයැයි. අම්මාට අක්කා මතක් උනා ඒකෙන්. හම්ම් මොකද කරන්නේ අහ් හරි.

👧ආආආව් අම්මා

👩මොකද පුතේ උනේ කෝ බලන්න අත. කෝ මොකුත් වෙලා නැහැනේ.

👧හි හී උම්මා මන් බැලුවේ මට ආදරේද කියලා.

👩ගුටිකන්න එපාසුද්දි ආයෙ ඔය වගේ වැඩ කරල. මට හුස්ම ගන්න බැරුව ගියා.

👧හරි අනේ මේ ඒක නෙමෙයි. ලොකු මැඩම්ල ඔයාල දෙන්න අමාරුවෙ දාපු දවසත් එනව නෙ දෙමුද නිරුවට සුපිරි සර්ප්රයිස් පාර්ටි එකක්.

👩මේ කෙල්ලගෙ කටනම් මට කෙසේ වෙතත් තාත්තාට කතා කරන හැටි.

👧හරි අනේ ඒ ඉතින් මගේ ලව් එකනෙ ඇයි ඔයාට ජෙලද .

👩මොනවද ළමයො ඔය කතා කරන රස්තියාදු වචන. මේ තාත්තා තමයි මේ කෙල්ලව හුරතල් කරල නරක් කරන්නේ.

👧හා හා මේ ඕක ඉක්මනට ඉවර කරල යන්කො ෂොපින් පාරක් දාන්න. නිරූ මට සල්ලි දුන්නා ෆෝන් එකක් ගන්නයි ඇදුම් ගන්නයි.

👩ඒකත් හරි වගේ එච්චරයි අඩුවකට තිබුනේ.

👧කෝ ඉතින් ඕක යවල එන්නකෝ මන් යනව කිටක් දාගෙන එන්න.

👩හා හා.

ඇති යන්තම් අම්මා ෂේප් උනා.

♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧♧

ඔන්න ඉතින් අනුජියයි මායි ෂොපින් ගිහින් ෆෝන් එකකුත් අරන් කට්ටියටම ඇදුම් එහෙම අරන් ගෙදර ආවේ ලොකු පරාට මල්ලකුත් අරන්.

ගෙදර එද්දි මිදුලේ වාහනයක් තියෙනවා දැක්ක අනුජියට නම් උන්හිටිතැන් පවා අමතක වෙලා දිව්ව දිවිල්ලක් ආයෙ සුසන්තිකා ඇන්ටි කැලේ. ඒ ඇවිත් ඉන්නෙ අනුජිය හා හා පුරා කියලා ඉස්සෙල්ලම දැක්ක දරු පැටියා. දැන් නම් ඌ දරුවෝ තුන්දෙනෙක් ගෙ මහ එකෙක්. මට දුෂ්ටකම් කරන මගේ එකම හතුරා. නිරාදකයා 😠

මන් ගෙ ඇතුලට යද්දි අනුජිය මහලොකු පුත්‍රයාවයි සක්කරවට්ටන් ලේලිවයි හුරතල් කරනව. පොඩ්ඩො ටිකනම් පේන්න නෑ. මල විකාර මන් යනව මගෙ කාමරේට.

දෙවියනේ මේ....

see you:-

No comments