සුදු මැණික - Savi Vithanage
Savi Vithanage toකතා අරණ
💗💗💗💗💗💗
සුදු මැණික
...................
සුදු අයියේ ඔයා කෑවද?
සුදු අයියෙ වැඩ ද ඔයා
මතක් කරලා සැරින් සැරෙ වතුර බොන්න හරි ද..
වැස්සොත් ටිකක් මඟ නැවතිලා එන්න..
පාරෙ හිමින් එන්න හොඳේ..හදිස්සියක් නෑ...
....
කොච්චරවත් පැය භාගෙන් භාගෙට හම්බෙන ඇමතුම් වලට උත්තර දීලම ලශාන්ට හොඳටම තරහා ගිහින් තිබ්බේ..ඇයි පප්පා දැන් බැඳලත් මාස හතක් අටක් බිනරි තාමත් ඉස්සර වගේමයි...හොයා බැලිල්ලෙ ඉවරයක් නෑ..ගෙදර ගියත් ඇඟෙ දැවටි දැවටි චුරු චුරුව...
දැන් ටී බ්රේක් එකින් පස්සෙ බිනරිගෙන් ආව පස් වෙනි කෝල් එක..වැඩක් කරගන්නත් නෑ..එයාට නම් මොකද ගෙදරට වෙලා කකා බිබි ඉන්න එකනි..මන් එපැයි මෙතන වැඩ පිරුණම බොසාගෙන් බැනුම් අහන්න..ලශාන් හිතුවෙ එහෙම..
දැන් ඔහොම බිනරිගෙ ඇමතුම් කරදරයක් වගෙ දැනුනට ඉස්සර ලශාන් තමයි විනාඩි පහෙන් පහට කෙල්ලට කෝල් ගත්තේ..ඒ ඉතින් ලව් කරන කාලේනෙ හා නැද්ද...එතකොට ඉතින් හිතට බයයි..කෙල්ලව වෙන එකෙක් ඩැහැගැනියි කියලා දැන් එහෙමද දැන් ඉතින් සින්නක්කරේටම ලැබිලනෙ තියෙන්නේ..
**ඔන්න හිතුවා වගේම පෝන් එක රින් වෙනවා..
බිනරි...ඇයි
අයියා වැඩද
බිනරි ප්ලීස් දන්නවනි මන් වැඩ කියලා..මන් වෙන මඟුලක් කරන්නෑ බිනරි..කරදරයක් වෙන්නැතුව තියනවා පෝන් එක...
ලශාන් පෝන් එක තිබ්බෙ හරියට බිනරිගෙ හදවතම පිපිරිලා යන්න වගේ..කෙල්ල හූල්ල හූල්ල කුස්සියට ගියා..
කෙල්ලගෙ මුලු දවසම කැපවුනෙ ලශාන් නමින්..ලශාන් බිනරි අවුරුදු දෙකක ආදරෙ ප්ර්තිෆලයෙන් තමයි එක වහලක් යටට වෙන්නෙ..ලශාන්ලගෙ තාත්තා ලශාන්ගෙ නමට අරන් තිබ්බ ඉඩමක දෙන්නට ඉන්න හුරුබුහුටි ගෙයක් හදා ගත්තෙ ලශාන්..කාමර තුනයි..කිචන් එකයි ..ඔය වාගෙ ටිකක් විශාල ගෙයක්..
කෙල්ලගෙ දවස පටන් ගන්නෙ තමන්ගෙ එහා පැත්තෙ නිදියන් ඉන්න ලශාන්ගෙ මූණට කිස් එකක් දීමෙන්..ඊටත් පස්සෙ ලශාන්ගෙ කිරි තේ එක..කට හෝදන වතුර එක ලශාන්ගෙ ඇඳ ගාව මේසෙ උඩට යවන කෙල්ල..ලොකු අම්මන්ඩියෙක් වගේ ලශාන්ට ගෙනියන්න පත බත් එකක් හදනවා..ඒ බත් එකෙ පරිප්පු..එලවලු දෙකක්..බැඳුමක්..මසක් මාලුවක් වරදින්නෑ..ඊටත් පස්සෙ ලශාන්ගෙ උදෙ කෑම මේසෙට අරින කෙල්ල ලශාන්ව ඇහැරෝනවා..පැය කාලක් භාගයක් විතර කියෝලා,කුචි කවලා කිස් දීලා තුරුල් වෙලා ඉඳලා තමයි ලශාන් ඇහැරෙන්නෙ..කට හෝදලා තේ බොන ලශාන් කෙල්ලගෙ කරට අත දාන්ම වොශ් රූම් යනවා..කොල්ලට දත් මදින්න ටූත් පේස්ට් පවා දාලා දෙන්නෙ කෙල්ල..ලශාන් ලෑස්ති වෙනකම් කෙල්ල ලශාන්ගෙ අන්ඩර් වෙයාර් එකෙ ඉඳන් සේරම ඇඳුම් අයන් කරලා ඇඳ උඩින් තියනවා..ඊටත් පස්සෙ ලශාන් ඇවිත් අඳින කොට ලශාන් එක්ක හුරතල් කතා කිය කිය ඉන්නවා..
ඊටත් පස්සෙ කොල්ලට බත් කවන කෙල්ල කොල්ලා ගෙදරින් එලියට බහුද්දි දණ ගහලා වඳිනවා..සමහර දාට ලශාන් කෝල් එකක..ලශාන්ගෙ බයික් එක ඈතින් සද්දෙ ඇහෙන එක නවතිනකම්ම අහන් ඉන්න කෙල්ල කාමරේට දුවන් එනවා..ලශාන්ගෙ තෙත සරම..ඊයෙ ඇඳපු ඇඳුම් ඔක්කොම සෝදලා ගේ මිදුල් අතු ගාලා ඊටත් පස්සෙ තව මොනා හරි තියෙනවා නම් කරලා චුට්ටක් නිදා ගන්න එක කෙල්ලගෙ පුරුද්දක්..හැබැයි මොනා කරත් කෙල්ල පැය භාගෙන් භාගෙට වගෙ කොල්ලට කෝල් ගන්නවා..මේ පුරුද්ද ඇති කරෙ ලශාන්මයි...ඒත් ඉතින් දැන් ලශාන්ට ඒක වදයක්...
අද නම් කෙල්ල කෝල් එකක් ගත්තේ කෙල්ලට ටිකක් අමාරු නිසයි..පහුගිය ටිකේම චුට්ට චුට්ට තිබ්බ කැස්ස කෙල්ල වැඩිය ගනන් ගත්තෙ නෑ..ඇඟත් ලාවට රස්නෙයි..ඒක කියන්නයි ගත්තෙ ඒත් කොල්ලා ඇඟට කඩන් පැන්නනි..ඉතින් කෙල්ල කරබා ගන්නවා...
වෙනද වගෙම ලශාන් එන්න කලින් රෑ කෑම හදලා තේත් හදලා කෙල්ල බලන් ඉන්නවා..වැස්ස නිසා ලශාන් එද්දි ටිකක් රෑත් වෙනවා..කෙල්ල ලශාන්ගෙ ඔලුව පිහදාලා උනු උනුවෙන් තේත් ආයෙ හදලා කොල්ලට පෙනඩෝල් ගෙනත් දෙනවා...ලශාන් ආව වෙලෙ ඉඳන් පෝන් එකෙ ..කෙල්ල කහිනවා ලශාන්ට ඇහෙන් නැති ගානයි..
රෑ කෑමෙන් පස්සෙ ටිකක් ටීවි බලන එක කොල්ලගෙ පුරුද්ද...එතකොට කෙල්ල කරන්නෙ කොල්ලගෙ කකුල් දෙක ගාවින් ඔලුව තියන් කොල්ලා එක්ක ඔහෙ කියෝන එක..දවස තිස්සෙ කරපුවා..ඇහුනු දේවල්..අරහෙ වෙච්චි දෙ මෙහෙ වෙච්චි දෙ ඕවා සේරම..වෙලාවකට කනත් රිදෙනවා..ඒ වෙලේට ලශාන් ටිකක් සැර වෙනවා..ඉතින් කෙල්ලගෙ නන්ස්ටොප් රේඩියො එක ඉවරයි..
තවමත් ඉතින් දෙන්නා බැඳලා මාස හත අටයි නෙ .කොච්චර රෑ වුනත් ලශාන්ට කෙල්ලව ඕනි..ඉතින් සමහර දාට කෙල්ලට බෑත් වගෙයි..ඒත් ලශාන්ගෙ හිත ,ආශාව නිසාම කෙල්ල නිහඬව හැමදේම දරා ගන්නවා..
අද කෙල්ලට අමාරුයි..ඉතින් කෙල්ලට කොල්ලගෙ දණහිසේම නින්ද ගිහින්.කොල්ලා ඇහැරෝලා අර වැඩෙත් කරලා නිදියනවා..
ඊලඟ දවසෙ උදෙ නැගිටිද්දි කෙල්ලට හරි අමාරුයි..ඒත් මතක් වෙන්නෙ ලශාන්ගෙ කෑම එක..ඉතින් වෙනදා පිලිවෙතම අදත්..
අද ලන්ච් හවර් එකත් පහු උන..ඒත් කොල්ලට මොකක්දො අඩුවක් දැනෙනවා..
හරි කෙල්ලගෙ කෝල් එක .අද නෑ සද්දයක්..කොල්ල ටී බ්රේක් එක වෙනකනුත් ඉවසනවා..ඒත් නැ..කොල්ලම කෝල් එකක් අර ගන්නවා..ඒත් කෙල්ල නෝආන්සර්..කොල්ලා වෙනදට කලින් ගෙදර යන්නෙ හිතලමයි..
වෙනදට හතරෙ ඉඳන් ගේට්ටුවට එබිකම් කර කර ඉන්න කෙල්ල අද පේන්ඩත් නැ..මිදුලත් හැඩි වෙලා...අතුගාලා නෑ වගෙයි..දොරත් වහලා..ඇතුලෙන්..කොල්ලා එයාලඟ තියෙන අනිත් යතුරෙන් දොර අරිනවා..උදේ මේසෙට ඇරපු කෑම තාම එහෙම්ම්..ඇඳපු ඇඳුනුත්..දැන් නම් කොල්ලට කේන්තියි..හොඳ රස්තයාදුවක් ගහලා වගෙයි...
කොල්ලා එන්නෙ බයින්න බලාගෙන ඒත් ඇඳෙ වකුටු වෙලා රෙද්දක් පොරොවන් ඉන්න කෙල්ල දැක්ක්ම් කොල්ලට දුකයි.ගිහින් බලද්දි කෙල්ලට සහලෝල උණ..කොල්ලස් එහෙම්ම කෙල්ලව බෙහෙත් ගන්න් අරන් යනවා..වෙනදට සිරියාවට තියෙන කෙල්ලගෙ රෝස මලක් වගෙ මූණ අද හේබාලා ගිහින්...
බෙහෙත් අරන් ගෙදර එන කොල්ලා එදා රෑ කඩෙන් කන්න ගේන්නෙ..කුස්සියෙ උදෙ උයපු හැලිවලන් පිලුනු ගදෙ බෑ .
එදා රෑ සැරින් සැරෙ කෙල්ලට උණ ගන්නවා..කොල්ලට නින්දක් නෑ..කොල්ලා නින්ද නැතුව බලන් ඉද්දි කොල්ලට මතක් වෙනවා..කෙල්ල කරන දේවල්..කොල්ල ආදරෙන් කෙල්ලව සිප ගන්නවා. ලෙඩ උනත් කෙල්ලගෙ මූණ මත හිනාවක්..
ඊලඟ දවසෙ කොල්ලයි උදෙන් නැඟිටින්නෙ..වෙනදට උදේට හම්බෙන බෙඩ් ටි එක නෑනෙ අද..ඉතින් අමාරුයි..ඊටත් පස්සෙ කොල්ලා තේ හදන්න බලනවා හපෝ අත හෝදපු ඉඳුල් වතුර එකක් වගෙ කොල්ලා එහෙම්ම තේ එක සින්ක් එකට හලනවා..
වැඩට යන්න කියලා ලෑස්ති වෙන්න ගියත් ඇඳුම් තියෙන තැනවත් කොල්ලා දන්නෑ..ඉතින් වැඩට යන්නෙත් නෑ...
එදා දවසම කොල්ල කරෙ ගේ අස්කරපු එකයි . සැරින් සැරෙ කඩෙ ගිහින් කෑම..තේ අරන්ආව එකයි..කෙල්ලගෙ කිචි බිචිය නැතුව කොල්ලට හරි පාලුයි...
එහෙම්ම ඊලඟ දවස උදාවෙනවා කෙල්ලට ටිකක් අඩුයි..කෙල්ල වෙනදා පුරුද්දට නැඟිටලා කොල්ලාට කිස් එකක් දෙනවා...
කොහෙද යන්නෙ
ඔයාට උයන්න්...
යන් අපි දෙන්නම
අයියේ...
ඔව් සුදු මැණික ඔයා පව්..මට සමාවෙන්න් හැමතිස්සෙම බයිනවට
එහෙම නෑ අයියෙ
මගෙ සුදු මැණික...
ඉතින් දෙන්නත් එක්කම කුස්සියට යනවා..
.........නිමි.....
බැලු බැල්මට කතාවක් නෙවෙ වගේ නේද..ඒත් මෙච්චරයි කියන්න ඕනි කෙල්ලට ආදරෙ කියන්නෙ එයාගෙ ජීවිතෙ..එයාගෙ ලේ ඇට මස් නහර වලට ඒ ආදරෙ උරා ගත්තම කෙල්ලෙක් පේවෙන්නෙ ඒ ආදරෙ වෙනුවෙන් වුතරමයි..නොසලකා හැරීම් හිත් රිදීම්....දරාගෙන ඔබ ලඟ රැඳෙන්නෙ යන්න තැනක් නැතිකමට නෙවෙයි..ඔබට තියෙන ආදරේටයි ......
ඉතින් කිසි දාක ඒ ආදරණීය හිත අගුලු දාලා ඔයාලම වහන්න එපා....එතකොට ජීවිතේ අපායක් වෙන්නෙ ඔයාලගෙමයි..
........savi vithanage ...
Post a Comment