පැමිණි දුක් පැනි රසයි 03 - Sithu Amarasinghe

පැමිණි දුක් පැනි රසයි
03.කොටස
අනුජියටත් හිතින් බැන බැන මන් ආව මගේ රූම් එකට. දොර ඇරන් ඇතුලට ගිය මම ගියාට වඩා වේගයෙන් එලියට පැන්නා.
🙍ඒ..ඒ... නිරාදකයා
👱ඇයි මොකද අයියේ කියලා කියවෙන්නෙ නැද්ද තොට.
🙍තොට අයියේ කියන්න මේ මං. බලන් ඉදහන්.
👱කතා කරන්න ඉගෙන ගනින් කටේ හැඩේ මට කියල වෙනස් කරගන්නෙ නැතිව.
🙍අනේ මේ මගේ කටේ හැඩේ වෙනස් කරන්න කලින් උබෙ සක්කරවට්ටමට කියපන් මගේ රූම් එකෙන් ඒකිගෙ කුනු ටික අයින් කරගන්න කියලා ඒකිගෙ මූනත්තහඩුවෙ හැඩේ මම වෙනස් කරන්න කලින්.
👱අයින් කලේ නැත්නම්
🙍අයින් කලේ නැත්නම්ද? බලන් ඉන්නවා එහෙනම් වෙන දේ.
සෙට් එකට හිතන්නවත් ටයිම් එකක් හම්බ වුණේ නෑ. බෑග් ටික ජනේලෙන් එලියට ගියපාර සේරම ගාර්ඩ්න් එකේ.
💁අනා බේබි මගා බෑග් ටික.
👱අශින් යා.. තොට මං.
🙍ඇයි ඇයි මොකො මට ගහන්නද. පුලුවන් නම් ගහපන්.
👱ග්ර්ර්..
ආව මෙතන හුරතල් වෙන්න. ඒව කොහෙද මේ අශී එක්ක. ඔය ගියේ. කෝකටත් මං සූදානම් සහිතව ඉන්න ඕන. මොකද ගෑනි ඉස්සරහ ඌට වෙච්ච ලැජ්ජාවට මට රිටන් එකනම් එකෙන්ම ශුවර් සෙට් වෙනව.
ගෙනාව ඇදුම් ටිකත් අල්මාරියට දාල අලුත් ෆෝන් එකත් චාර්ජ් වෙන්න තියල මං වොශ් එකක් දාගෙන ඇවිත් ඇදෙන් හාන්සි උනා
සනීපෙට මට නින්ද ගියා.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
මට ඇහැරුණේ පාන්දර. වෙලාව බලද්දී පාන්දර 2:15. හම්ම් අද මට කන්නවත් කතා කලේ නෑ එහෙනම්. කමක් නෑ බලාගමුකො.
රූම් වල ඇර මුලු ගෙදරම ලයිට් දාල මං ආව කුස්සියට.
ගෙනාපු පරාට මල්ල පැත්තක. ඒව කවුරුවත් කාලා නෑ. ඒව කන්නත් බෑ සීතල වෙලා. නිරාදකයා ඉන්නකම් මේ ගෙදර හදන කෑමක් කන්නෙත් නෑ මං. නිරාදකයා කන්න කැමති කෑම නෙ අනුජිය උයන්නේ.
බඩගිනියි මොකද කරන්නේ ගියානම් හරි නයිට් කඩේකට. සාලෙට ඇවිත් key Box එකෙන් නිරෑගෙ වාහනේ යතුරත් අරන් එලියට ආව.
👦 ඕයි කොහෙද යන්නේ මේ පාන්දර තමුසේ.
අහ් ඒ ස්වීට් වොයිස් එක මගේ ආදරණීය මලයන්ඩිගෙ
👧යන්නෙද අපායට උබටත් ඕනෙ නම් වරෙන් යන්න.
👦ඇත්තටම තමුසේ කොහෙද යන්නේ අක්කේ .
👧බඩගිනියි බං හන්දියේ නයිට් කඩේට යන්නේ සේරම බඩ පැලෙන්න කාල නිදි එකෙක්ටවත් මාව මතක් උනේ නෑ.
👦අනේ මේ තාත්තා කතා කරන්න එද්දි අම්මා එපා කිව්වෙ. අයියත් එක්ක තමුසේ ආයෙමත් රන්ඩු වෙයි කියලා. පස්සේ තාත්තත් රෑට කෑවෙ නෑ හදිස්සි වැඩක් තියෙනවා කියලා ගියා ඔෆිස් රූම් එකට. මම කෑවෙත් නෑ. අම්මා අයියලා එක්ක කෑම කලා අපි තුන්දෙනාට කෑම වහල තිබ්බ මෙසෙන්.
👧ඒකත් එහෙමද. එතකොට තමුසේ ඇයි මේ පාන්දර හොල්මන් කරන්නේ.
👦මට ඇහුන තමුසේ පල්ලෙහාට එනව. දන්නවනෙ අපි දෙන්න කෑවෙ නැත්නම් තාත්තා කන්නෙත් නෑ කියලා. මං ඒකයි පල්ලෙහාට ආවේ අපි තුන්දෙනාට කෝපි තුනක් හදන්න හිතාගෙන ඒ එද්දි තමයි දැක්කේ තමුසේ එලියට එනවා.
👧හම්මේ මගෙ මැණික උම්මා. මේ ඒක නෙමෙයි ආප්පයි. කෙසෙලුයි ගේමු. ගෙනල්ලා කෝපිත් හදන් යමු නිරූ ගාවට.
👦හම්ම් හම්ම් යන්. තමුසේ ඩ්‍රයිව් කරනව මටනම් බෑ.
👧හරි හරි යමු.
මල්ලියි මායි කයියක් දාගෙන ආවා නයිට් කඩේට.
see you :-

No comments