පිටරට ජීවිත 02 - SITHU AMARASINGA

පිටරට ජීවිත (මදූ)
පිටරට ජීවත් වන මිනිසුන් ගේ සත්‍ය කතා කිහිපයක් ලියන්න කියලා හිතුන. මොකද හුගක් අය පෙන්නන දේ නෙමෙයි ඇත්තටම වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කැමති වෙයිද දන්නෙ නෑ.
**************************
02.කොටස
අලුත් දවසක් අලුත් ජීවිතයක්. මදූ ඩුබායි රටට ඇවිත් සතියක් විතර යද්දී ඩුබායි ජීවිතේට පුරුදු වෙන්න පටන් ගත්තා. ආපු ගෙදර වැඩ ටික කරගෙන හොදට හිටියා. ටික දවසක් යද්දී මදූගෙ පරන පුරුදු ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව ගෙදර බාබා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ නිකමට නෙමෙයි.
කාලය වේගයෙන් ගෙවිල ගිහින් මදූ ඩුබායි රටට ඇවිත් අවුරුද්දක් වෙන්න ආව. හැන්ගි හොරා වෙස් බදින්න බැහැනෙ මදූගෙයි බාබාගෙයි රංගනය බාබාගෙ දුවට මාට්ටු වුණා. මදූව බාබාගෙ ගෙදරින් දුවගෙ ගෙදරට අරන් ගියා ගිහින් නිකම් ඉන්න දුන්නෙත් නෑ. පාන්දර ඉදන් රෑ වෙනකම් වැඩ කරන්න ඕන. එක වේලයි කන්න දෙන්නේ. පොඩ්ඩ බැරි වෙද්දී ගුටිකන්න ඕන. මදූට එපා වෙලා හිටියේ.
දවසක් මදූ වැඩ කරකර ඉද්දි ගෙදර අය කොහෙද ගියා. හැබැයි එදා එයාලට දොරවල් ලොක් කරන්නත් බැරි වෙලා. මේ චාන්ස් එක මග ඇරගන්න හොද නෑ කියලා මදූ තිබ්බ අඩුම කුඩුම ටික අරන් ගෙදරින් පැනගත්තා.
.....................................
මදූට ගෙදරින් පැනලා වැඩි දුරක් යන්න වුනේ නෑ ලංකාවේ කෙනෙක් හම්බ වෙලා එයාට කියලා ගෙදර ඉන්න බෑ ගහනවා ඒකයි පැන්නෙ කියලා. ඒ හම්බ වෙච්ච කෙනා මදූව තව තැනකට ගෙනෙහින් එහෙන් මදූට ඉන්න තැනකුයි වැඩයි හොයලා දීලා.
ටික කාලයක් වැඩ කරගෙන මදූ ඉද්දි දවසක් මදූට දැනගන්න ලැබෙනවා ඩුබායිවල සංගීත ප්‍රසංගයක් තියෙනවා කියලා.
සංගීත ප්‍රසංගය තියෙන දවසත් ආවලු මදූ ලෑස්ති වෙලා ගියා සංගීත ප්‍රසංගය තියෙන තැනට එදා මදූ හොදට වීනෝද වෙලා කරලා එද්දි මදූව පොලීසිය අල්ලගෙන. වීසාත් නැතුව හිටිය මදූට ජීවිතේ පලවෙනි වතාවට හිරගෙදරට යන්න ටිකට් එකක් සෙට් උනා.
හිරගෙදර කියන්නේ මිහිපිට අපාය කියලයි මදූට හිතුනෙ. ඒ අපායෙන් කවදා ගැලවෙන්න ලැබෙයිද කියලා මදූ හැම වෙලාවෙම කල්පනා කලෙ. කාලය වේගයෙන් ගෙවිල ගියා. ඔන්න මදූට ලංකාවට යන්න ලැබුන. සමන් ඒ වෙද්දී ලංකාවේ නැති නිසා මදූ හිත හදාගෙන ලංකාවට යන්න ලෑස්ති වුණා.
.......................................
පලිගැනීමේ අදහසින් හිරගෙදර ඉදන් එලියට ආව සමන් මදූත් එක්ක ඉද්දි තව එක සැරයක් මදූට චාන්ස් එකක් දෙන්න ඕනෙ කියලා හිතුවෙ තමන්ගේ දරුවා නිසා ඒත් මලගෙදර ඉදන් ආව සමන් මදූව හොයද්දි මදූ වෙනුවට හම්බ වුණේ මදූ ලියලා තියෙන ලියුමක්. ඒ මම රට යනවා කියලා තිබ්බ වචන තුනක ලියුම. සමන්ට කලකිරීමක් ඇති වුනේ මදූ ගැන. සමන්ට ලංකාවේ ඉන්න හිත දුන්නෙම නෑ. කොළඹ පිහිටි විදේශ රැකියා ඒජන්සි එහකින් කටාර් රටේ කොම්පැණි එහෙකට සමන් යන්නේ ඔය කාලෙදි. සමන්ට දැනගන්න ලැබෙනවා මදූ ඩුබායි වලදි පොලීසියෙන් අල්ලලා හිරගෙදර ඉන්නෙ කියලා. ලංකාවට එන එකත් සමන් දන්නවා. ඉතින් සමන් කටාර් ගිහින් අවුරුදු 2 සම්පූර්ණ නිසා සමන්ටත් ලංකාවට එන්න පුළුවන් වුණා. මදූවත් සමන්වත් දන්නෙ නෑ ඒ දෙන්නා ලංකාවට එන්නේ එකම දවසෙ කියලා.
see you:-
සිතූ

No comments