පිටරට ජීවිත 03 - Sithu Amarasinga


Image may contain: one or more people, text and outdoorපිටරට ජීවත් වන මිනිසුන් ගේ සත්‍ය කතා කිහිපයක් ලියන්න කියලා හිතුන. මොකද හුගක් අය පෙන්නන දේ නෙමෙයි ඇත්තටම වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කැමති වෙයිද දන්නෙ නෑ.
**************************
එයාර්පෝර්ට් එකේ ඉදන් ගෙදර ආව මදූට ගෙදරට ඇවිත් හුස්ම ගන්න හම්බ වුණේ නෑ වෑන් එකක් ඇවිත් මිදුලෙ නතර කලා වෑන් එකෙන් බැහැපු කෙනාව දැක්ක මදූට මුලු ඇගම පණ නැතුව ගියා. ඒ ඇවිත් හිටියේ සමන්. මදූව දැක්ක සමනුත් පුදුම වෙනවා. මොකද මදූත් ඒ වෙලාවේ ඇවිත් තියෙන්නෙ කියලා සමන් දැක්ක.
මදූ නම් හිටියේ හොදටම බයෙන්. මොකද මදූ දන්නවානේ. ඒත් සමන් හරිම නිහඬ චරිතයක් වෙලා .මදූට ඒක ලොකු ප්‍රශ්නයක්.
සමන් හිටියේ මදූ ගැන කලකිරිලා ඒක නිසා සමන් මදූ ගැන හෙව්වෙ නෑ. අත්හැරලා දැම්ම. මදූට කරදරයක් කරන එකත් සමන් අමතක කරලා දැම්ම දරුව නිසා. සමන් රට ගිහින් එකතු කරගත්ත සල්ලි වලින් ටවුන් එකේ පොඩියට රෙදි කඩයක් දැම්ම. අයේ කසාද ගැන හිතන්න ගියේ නෑ. තමන්ට අවශ්‍ය දේ ඕන වුන වෙලාවක සල්ලි දීලා කරගන්නවා මිසක් කසාද ඕනෙ නෑ දරුව හදාගෙන ඉන්නවා කියලා සමන් හිතාගත්ත. අම්මලාගේ වචනෙ අහන්නෙ නැතුව තමතන්ට වඩා අවුරුදු 10ක් වැඩිමල් ගෑනියෙක් බැන්ද එකට සමන් දැන් දුක් වෙනවා. ජීවිතේ හොදම කාලේ නාස්ති කරගත්තාට. හිතට තියෙන එකම සැනසීම දරුවා.
........................................
කාලය ගෙවිල මදූයි සමනුයි ලංකාවට ඇවිත් අවුරුද්දක් වෙනවා. මදූනම් මිනිස්සු එක්ක නටන්න ගත්තා ලංකාවට ඇවිත් සතියක්වත් යන්න කලින්. සමන් නම් දැන් හොදට බිස්නස් කරගෙන ඉන්නවා. සමන් දාපු පොඩි රෙදි කඩේ දැන් විශාල ෆැෂන් හවුස් එකක්. ඒකෙ ශාඛාවක් ගාල්ලෙත් තියෙනවා. මදූව නම් ආයෙ බාරගත්තේ නෑ. මේ වෙද්දී මදූ ආයෙත් රට යන්න සූදානම් වෙමින් හිටියේ මේ පාර මදූ තෝරගෙන තියෙන්නෙ ලෙබනන්.
........................................
මදූ උදෙන්ම ලමයි දෙන්නාව බලන්න ගියා පුතා නිවාඩු දවස් වලට දැන් ඉන්නෙ සමන් ගාව. සමන් සිකුරාදාට කාර් එක යවනවා පුතාව ගේන්න. ගේ මදූගෙ නමට ලියලා දීලා සමන් ලස්සන තට්ටු දෙකේ ගෙයක් හැදුවා. මදූ එයාගෙ අම්මලා දිහා ගිහින් දුවව බලල ගියා සමන්ගේ ගෙදර. පුතාවත් බලල ආව මදූ ටවුන් එකට ගියා අවශ්‍ය දේවල් ටිකක් ගන්න.
අවශ්‍ය දේවල් ටිකක් අරන් ආව මදූ ආපහු රෑට යන ගමනට ගෙනියන්න ඕන දේවල් ටික හරිද කියලා බැලුවේ මොකුත් අමතක නොකර ගෙනියන්න ඕන නිසා. බෑග් ටික කලින්ම ලෑස්ති කරල තිබ්බ නිසා මදුට ලේසි වුණා. පාන්දර එකට විතර යන්න ඕනෙ නිසා මදූ රෑ එකොළහට එලාම් එක තියලා නිදා ගත්තා.
......................................
එලාම් එකේ සද්දෙට ඇහැරුන මදූ ඉක්මනට නාගෙන ලෑස්තිවෙලා තේ එකක් හදන් බිව්වෙ යන්න තව වෙලා තියෙන නිසා. රෑ දොළහට විතර එලියෙන් වාහනයක් නවත්තන සද්දයක් ඇහුන නිසා මදූ දොර ඇරලා බැලුවා. ඇවිත් හිටියේ සමන් පුතා එක්ක. මදූට පුදුමයි වගේම බයක් දැනුන. ඒත් සමන් ඇවිත් හිටියේ මදූට ඇදුම් ටිකකුයි සල්ලි දෙන්න මොනා වුනත් ඒ තමන්ගේ කසාද ගෑනි නිසා. ඒ ටික දීලා එයාර්පෝට් යන්න එන්න කිව්ව වෑන් එකට එන්න කියලා සමන් වෑන් එකේ හයර් එක දීලා ආපහු යැව්වා. මොකද පුතාට අම්මා එක්ක එයාර්පෝට් යන්න ඕනෙ කිව්ව නිසා සමන් මදූව එයාර්පෝට් අරන් යන්න ආවේ.
සමන්ලා ගෙදරින් පාන්දර එකට විතර පිටත් වුණා. මගදි නයිට් කඩේකින් කාල තුන විතර වෙද්දී එයාර්පෝට් එකට ආව.
මදූ සමන්ටයි පුතාටයි සමුදීලා චෙකින්ග් ඔක්කොම කරගෙන ජීවිතේ තුන්වෙනි පාර ෆ්ලයිට් එකට නැග්ග. තමන්ට වෙන්වෙලා තිබ්බ ආසනයේ ඉදගත්ත මදූ කල්පනා කලේ මේදා සැරේ ජීවිතේ කොයි වෙයිද කියලා.
see you:-
මේක සත්‍ය කතාවක්. ලයික් කොමෙන්ට් කරන හැමෝටම ආදරේ එහෙනම් හමුවෙමු මදූ අවසාන කොටසින්. ජේසු පිහිටයි!
සිතූ

No comments