දගකාර වැහි කිරිල්ලිය - Irosha Dilrukshi

Image may contain: one or more people, people standing and text***---දගකාර වැහි 

කිරිල්ලිය---***

(ඔහුගේ දගකාරිය.)
මම රනුක රන්හිරු සේනානායකයි.
නවලෝක රෝහලේ වැඩ අවසන් කොට වාහන නැවතුම්පොළෙන් මම මගේ වාහනය පාරට දමා ගත්තේ ගෙදර බලා ඒමටය.
දසත වහි බිංදු වැටෙමින් තිබුනි.පාර අයිනේ තිබුන ගෙයක් ළග මාගේ වාහනය නතර වුයේ බරටම ටැෆික් එක තිබු නිසායි.හෙමින් ඇද හැලුනු වැසි බිංදු කෙමෙන් කෙමන් මහා වැස්සක් බවට පත් විමට ගත වුයේ මොහොතකි..මම ඔරලෝසුව දෙස බැලුවෙම්..තවමත් ටැෆික් එක එලෙසමයි.
ඉදිරිය බලා වම් පසින් ෂටර් එක දෙස බැලු මං දුටුවේ ලස්සන දර්ශනයකි.වාහනය නවතාගෙන සිටි පාර අයිනේ ගෙදර විශාල ම්දුලේ සුන්දර වයස දහඅටක් පමණ කිවහැකි යුවතියක් සිටියේ වැස්සේ නටමිනි.
රිසි සේ වැස්සේ තෙමෙමින්.තාලයට පාද තබමින් ඇය ඉග සුග නළවයි..කෙස් වැටියද ඒ තාලයටම රග දෙයි.මං බලන් හිට්යේ අතපය විසි කරම්න් නිදහසේ නටන ඇය දෙසයි.
"දුව ඔය ඇති මෙහෙ එනවා ලමයෝ ගෙට."ඇය නෙමෙයි ගානකටවත් ගත්තේ.
"දුව ..මං ආයේ කියන්නැ."
"අනේ .... තව සුට්ටක්.."
"නැහැ නැ.. එන්න ගෙට දැන් තාත්තා ආවම මටත් බනි."
ඇය ආයෙත් දුවගෙන මිදුලේ කෙලවරට විි නටන්නට විය.දැන් නම් මට ඇගේ දර්ශනය හොදට ඇස ගැටිනි.
පාද තෙක්ම දිග නිල් පාට සායට සුදුපාට අත් නැති බ්ලවුසයක් ඇද සිටි ඇගේ කොණ්ඩයද ඉනටත් පහලටය.වැස්සට තෙමි ඇගේ කොණ්ඩය කැරලි ගැසි තිබෙනු මා දුටිම්.වැස්ස නිසාම ඇගේ ඇදුම් ඇගටම ඇලි ඇත.එයින් අැගේ හමේ පාට පවා මම දුටිම්.
"පිස්සු කෙල්ලක්..."මම මටම කියා ගත්තේ අතොරක් නැතිව වැස්සේ දගකාර ලෙස නටන ඇය දෙස බලමිනි.
ඊලග ස්ටෙප් එක උඩ පැන පැන නටන්නට ඇය ගත් උත්සාහය දැක මටම හිනා පහල විය.
නැටුම මදකට නවතා ඇය හති හලන්නට වුවාය.කොණ්ඩයද අතින් හරවමින් ඒ මෙහොතේම ඇය මා සිටි දිශාව බැලුහ.අප සිව් නෙත් එකට හමුවිය.ඒ ඇස් මා මිට පෙර දැක ඇති යැයි හුරුබවක් විය.ඇය මා බලා සිටිනවා දැක ඒ ක්ෂණිකයෙන් දිග ම දිග සායද එක අතකින් උස්සා ගෙන දුවන්නට විය.මට සිනහ පහල විය.
ගේ ඇතුලට දුවගොස් ඇය නැවතතුනේ උලුඅස්සට බර දිිය.එතරම් පැහැදිලිව නොපෙනුණත් ඇය සිටියේ මා දෙස බලා ගිමන් හරිමිනි.ඇයගේ අම්මා ඇයි කිවහැකි ගැහැනියක ඇයගේ හිස පිහිදමමින් මොනාදෝ කියන්නට විය..
පික්..පිිපි ..පික්.....
වාහන නාලා සද්දය ඇසෙන විට මාගේ දැහැන බිදිනි.මා දුටුවේ මට ඉදිරියේ වාහන සේරම නැති බවයි.සුක්කානම කරකවා මා වේගය වැඩි කර ඉදිරියට ඇදුනේ අර දගකාරි දෙස ද බලාය.ඇය තවමත් එතනය විි බලා හිදි..
මා නිවසට ලගා වන විට රාත්රිය බෝ විි තිබුනි...
"අයියා බබා..කොයිද අනේ මෙච්චර වෙලා හිටියේ.."
ඒ අපේ ගෙදර චුට් සුරතලියයි.එක කුස උපන් මගේ නංගි අමිිශායි.තාමත් පාසල් වියේ සිටින ඇය අපේ ගෙදර හුරතලියයි.ඇය කට හදමින් මාගෙන් ඇසු හැටි දැක සිනාසෙමින්, මා මව සුනිිතා එතනට ආහ.මං නංගිට ගෙනා ලොකු චොකලට් එක ඇය වෙත පෑහ.
"තැන්කු මගේ සුදු අයියා..උම්මියා."ඇගිලි තුඩුවලින් ඉස්සි ඇය මගේ කොපුලක් සිප ගත්තේ ආදරයෙනි.එහෙම්ම ඇය කාමරයට දිව යන්නට විය.
"සුදු පුතා පරක්කුයි නේද.අද ඩිස්පෙන්සරි යට යන්නේ නැද්ද"
"යන්න ඔින අම්මා අමිලට කිව්වා ගිහින් අරින්න කියලා..
අමිල යනු මගේ මිත්රයාය.පුංචි කාලයේ සිට මා ඔහුව දනිමි.මාත් ඔහුත් වෛද්යවරුන් නිසා ඉගන ගත් දෙයින් ප්රයෝජනයක් ගැනිමට සිතා ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යන්නෙමු.
"හා පුතා නාගෙන එන්නකො මං තේ එකක් හදන්නම්."
"හරි අම්මා..."
නාන කාමරයට වැදි සිතල වතුරින් දිය නාමින් සිටි මට කලින් දුටු ඒ සුන්දර යුවතිය සිහි විය.ඇත්තටම මට ඇයගේ දගකාර කම් මැවි පෙනෙයි.නා අහවර වු මම කණ්ණාඩිය ලගට ගොස් මාගේ වත දෙස බැලිම්. විසි අට වන වියට පා තබා ඇති මා කෙරෙන් දිස් වු නව යෞවන පෙනුමට මා බොහෝ ආසා කලහ.
ඇග හදා ගැනිමට කියා අමතරව කාය වර්ධනයක් මට අවැසි නොවුනේ උපතින්ම හිමි දේහධාරි කැපි පෙනෙන හැඩ රුව නිසාමය.හිනි ආඩමිබරයක්ද මට මා කෙරෙහිම ඇති වි තිබුනේ මට නොදැනිිමය.රැකියා ස්ථානයේද තවමත් බොහෝ කෙල්ලන් මා අත ගැන්නට ආසා වුයේ හුදෙක්ම හැඩරුවටය.
ඒ අතරින් නයනි මා අත ගන්නට බලාපොරොත්තුද පොදි බැදන් අවසානය.පමණ ට වඩා රෑපලාවන්යයේ ගිලි සිටි ඇය සුන්දරත්වය මවාගෙන සිටින්නියකි.එකම වෝඩ් එකේ රැකියාව කල මාත් ඇයත් හොද මිතුරන්ය.ඇය මිතුරෙකුට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු වන බව කිවේ මා මිතුරන්ය.මිතුරන්
මා ගැන ඇයට කරන විහිලු තහලු නිසාම ඇය තවත් බලාපොරොත්තු අලුත් කර ගැනිිමට හේතු ඇති කර ගන්නවා නිසැකය.
කඩිමුඩියේ ලැස්ති වු මම ඩිස්පෙන්සරියට යන විට එය සෙනගින් පිරි තිබුනි .අමිල ඔහුන් පරික්ෂා කරමින් සිටිනු දැක ඔහුට මම ආ බව සැල කල,මගේ කාමරයට ගියේ වයසක අමිමා කෙනෙකු පරික්ෂා කරන්නටය.
"මොකක්ද අමාරුව අම්මා.."
"පුතා මට මේ දනිස් ඇම්මා හැදිලා වාව ගන්න බැ අමාරුයි "
"හරි අමිමා ..මං මෙි ලියලා දෙන බෙහෙත් ටික ඉස්සර කවුන්ටරෙන් අරං අඩු නැත්තං එන්නකෝ."
"පුතාට පිං "
වෛද්ය ජිවිතයේ මං ඇසු ආදරනිිය වදන් බොහෝය.මං මගේ කාර්යය කරන් ගියේ කාටත් අවංකවමයි.ඒ මං මගේ පියාගෙන් උපන් හැකියාවකි.ඔහුද වෛද්ය අංශයේ සේවය කර මිය ගියේ දැන් අවුරුද්දකට පෙරය.අද ඔහු නිසා මං සල්ලි වලට නොනැමෙන නිහතමානි චරිතයකි.ඔහුගෙන් උගත් බොහෝ පාඩම් ඇත.කාටත් කරදරයක් නොවු ඔහු මියැදුනේ හදිසියේ අත් වැරදිමකින් සිදු වු අනතුරකිනි.
අම්මා,නංගි මෙන්ම මාත් තවමත් දුක් වෙති.
අපි දොලහත් පහු වෙනකන් අපේ රාජකාරිය කලහ.රෝගින් නැති නිසා අපි දහයට පමණ තේ බොන්නට විය.ගුණදාස මාමා අපිට තේ සාදාගෙන විත් දුනි.ඔහු අපිට මේ වැඩ කරගෙන යාමට උදවු දෙන කෙනෙකි.
එකොලහමාර පසුවුවා පමණි .වැස්ස නිසාම රෝගින් අඩු යැයි සිතු අප යන්නට සැරසුනහ.එකපාරටම ත්රිවිලයක් නවතන හඩ ඇසිණි .රෝගියෙක් පැමිණ සිටි නිසා බෑගයට දමා ගත් වෙද නලාව මං අතට ගත්මි.දුටු දසුනින් මා පුදුමයට පත්විය.
කලු දිග සායට ලස්සන ලා දම් පැහැති බ්ලවුසයක් හැද සිටි ඇය අදුරා ගැනිමට මට වේලා නොගිහ.
හච්ස්......
හා....චිස්....
එකදිගටම ලේන්සුවකින් කට වසා ගනිමින් ඇය කිවිසුම් යවයි.
හා.....චිස්..
සුුදු නහය රතු වි ඇත.දිගැටි ඇස් හින් වි ලා රෝස පැහැයට හැරි ඇත.
"මොකද්ද අසනිපේ.."අසනිපය දැන දැනත් මා ඇසුවෙමි.
අප ඇස් එකිනෙක ගැටිනි.ඇය මා හදුනා ගත්හ.ඇයටම ලැජ්ජාවෙන් ඇය බිම බලා ගත්හ.ඔව් ඒ අර වැස්සේ දගකාරකම් පෑ සුන්දර යුවතියයි.
"උණයි ,හෙම්බිරිස්සාවයි මහත්තයෝ.."ඇගේ මව විය හැකි ගැහැනිය කියයි.
"මි..කවද ඉදං ද "
"හවසත් හොදට හිටිය.මේ එපා කියද්දි වැස්සෙ නටලා තමා ඔය කර ගත්තේ. "ඇය බනින්නට විය.වරදක් කර අසුවු හොර පුසියක මෙන් ඇය හොරෙන් හොරෙන් මා දෙස බලයි.
"කියන දෙයක් අහන් නැහැ නේ ..දැන් විභාගෙත් ලගයි.කිසිම ප්රවේසමක් නැහැ මේ ලමයා."ඇය තවත් බනි.මං නලාව ගෙන ඇය පරික්ෂා කරන්නට විය.ඒ පපුව වේගෙන් ගැහෙයි.ඒ ඇස් තිබුනේ මා දෙසය.
හා...චිස්...
කිවිසුම් අරිමින් ලැජ්ජාවෙන් මා දෙස බලයි.මං ඇගේ දිගැටි ඇස් පරික්ෂා කර බැලුවේ උණ තිබේදෝ කියාය.මාගේ දැනිමට අනුව නම් ඇයට උණ වෛයිරසය ඇතුලු වි තිබුනි.ඒ සදහා මා බෙහෙත් ලියන්නට විය.ලියන අතරතුර ඒ දගකාරිය මා දෙස බලා ඉන්නවා මං දැක්කා.ඒ ඇස් ගැහෙන්නට වුයේ මගේ ඇස් ඈගේ ඇස් හා ගැටෙන විටයි.
"මේ බෙහෙත් ටික ගන්න අම්මේ...දුවට උණු වතුරම බොන්න දෙන්න.."
මං එහෙම කියන විට ඇගේ සුන්දර මුණ හැකිලි යනු මා දුටිම්.
"උණුවතුර ම බොයි මහත්තයෝ මෙයා..අයිස් වතුරම තමයි බොන්නේ.කියන කිසි දෙයක් අහන් නැහැනේ."
"උණුවතුර බිව්වෙ නැත්තං මට කියන්නකෝ හොද තිත්ත බෙහෙත් තියනවා ඒවට මං ලග.."මං ඇය දෙස බලා තරවටු ස්වරූපයක් මවමින් කිිහ.
එ් මුණ ලැජ්ජාවෙන් බිමට බර විය.මට පවු කියලා හිතිනි.
අනේ මහත්තයෝ ආයේ රැට වැඩ්වුනොත් එක්ක එන්න කෙනෙකුත් නැහැ.තැන හොයාගත්තෙත් අමාරුවෙන්.මහත්තයට පුලුවන් ද එන්න.
"හා එහෙම වුනොත් මං එන්නම්.මගේ නම්බරේ ලියා ගන්නකෝ අම්මා."
"හා..මහත්තයට ගොඩක් ස්තුතිියි.මේ දුලගේ තාත්තා අද බිස්නස් වැඩකට දුුර ගිහින් පාන්දර එන එකත් විශ්වාස නැහැ."
"මේ් බෙහෙත්වලට අඩුවෙයි .දුම් ටිකක් එහෙම අල්ලන්නකෝ.හොදද.."මං කිවේ ඒ මුණ දෙසම බලාගෙන ඇයටයි.
"හා ඩොක්ටර්.."එපමණයි ඒ සොදුරු මුණ මා දෙස බලා කිහ.
"අනේ මහත්තයෝ මං මෙතනින් වාහනයක් කතා කරන් එන්නං දුව හිටියට කමක් නැද්ද."
"හා අම්මා ඒකට කමක් නැහැ "මව පිටව ගිය පසු ඒ දගකාරිය සිටියේ ටිකක් බයෙනි.මට ඒක ඇස්වලින්ම පෙනුනි .
"නම මොකක්ද..මි."
"දි.දිල්හාරි.."
"එච්චරද.."
"දිල්හාරි දිව්යංජලි.."නම වගේම ඇයත් දිව්යාගනාවක් යැයි මට සිතුනි.
"ඩොක්ටර්ගෙ නම..??"නොසිතු ලෙස ඇ දගකාරකමින් අසයි.
"රනුක.."
"රනුක විතරද.."
"නැහැ රනුක රන්හිරු ."පැහිච්ච ආච්චියෙක් යැයි කියන්නට සිතුනද මා වලකා ගත්මි.
"ඩොක්ටර් ලග.හා..චිස්...අපට දෙන්න
පැනිරස බෙහෙත් නැද්ද "
"තාම හොයාගෙන නැහැනේ ".ඇය පිස්සු කෙල්ලක මෙන් කිවිසුම්ද අරිම්න් අසන දේ වලට මට හිනාය.
"ඔයා හරි ලස්සනට නටනවා නේද."
"මි..ටිකක්"
"වැස්සෙ නටද්දි නම් ගොඩක් ලස්සනයි."
"ඒත් මං අයෙත් වැස්සෙ නටන් නැහැ."
"ඇ..ඇයි ඒ.."මං පුදුමයෙන් ඇහුවා.
"නැ ඉතිං මං ලෙඩ වුනාම අම්මි පවුනේ.."
"ඒක නම් ඇත්ත.මං බෙහෙත් දෙන්නංකෝ."
"හිහි..හි.."😃😃😃😂😂 ඇයට හිනාය.තව බොහෝ දේ අපි කතා කලා.මට ඇය කෙරෙහි ලොකු ආදරයක් ඇති වුනා.ඇය පිස්සියක් වගේ කියෙව්වා.මං ඉතිං සේරම ආසාවෙන් අහන් හිටියා.
"අනේ මහත්තයෝ බේතකට වාහනයක් ආවේ නැහැනේ."
මං වේලාව බැලුවෙමි.දොලහ පසු විය.ඉන්න තැන අහගත්ත මං එයාලව ගිහින් දාන්න තිරණේ කලා.අමිල මා මිතුරාවද ගෙදරින් බස්සවගෙන මා ගෙදර යන විට එක පසු වි තිබුනි.
මට නිවාඩු නිසා අමිමා මා අවදි නොකරයි.දුරකථනය නාද වෙන හඩ ඇසි මම අවදි වුනි.
"හලෝ.."
"අනේ මහත්තයෝ දුවට අමාරුයි වගේ .පොඩ්ඩකට ඇවිත් යන්න පුලුවන් ද"
"හා මං එන්නම්."
එහෙම්ම ඩෙනිමට ටි ෂර්ට් එකක් දමා ලක ලැහැස්ති වු මම වාහනය පාරට දැම්හ.යන මග දිගටම මට සිහි වුයේ ඇගේ මුණයි.
ගේට්ටුව ලග වාහනය නතර කරන විටම මට ආයෙත් කෝල් එකක්.ඔව් ඇගේ නම්බර් එකෙන්.ගේ ලග නිසා මං නලාව ගැසුවා මිස ආන්සර් කරේ නැත.වැඩට හිටිය කවුදෝ ගේට්ටුව ඇරලා මට වාහනය නැවතිමට උදව් දුනි.එකපාරට මට ඇයව ඇස ගැටිනි.කොට ගවුමකින් සැරසි සිටි ඇය මාව දැක පන කඩන් දුවන්නට විය.මට පුදුම ලෙඩ යැයි කියු ඇය මෙලෙස දුවන්නේ කෙසේදෝ කියායි.
ගෙට ඇතුලු වෙද්දි අම්මා මාව සිනාවකින් පිලි ගත්තාය.
"අනේ බලන්න මහත්තයො මේ කෙල්ල උදේ ඉදං ඇඩුවා අමාරුයි කිය කියා.දැන් ටිකකට කලින් වත්ත වටේ දුව දුව නටනවා."
"සමාවෙන්න මහත්තයෝ කොල් කරලා කරදර කරාට.මං කේන්තියට ගැහුවත් එක්ක.ඒත් දුවනවා පිස්සුවෙන්."
"මට අද නිවාඩු අම්මේ.ඒ නිසා කමක් නැහැ.කෝ දැන් නංගි."
"අනේ කතා කරන්න එපා.ඔය ඉන්නේ නට නටා..ඉන්නකො මං එක්ක එන්න."
මං ලගට ආපු දගකාරි ලස්සනට මගේ දිහා බලලා හිනා වුනා.අම්මා තව මොනාද කිය කියා බැනලා තේ එකක් හදන්න ගියා.මං ඇය දෙස බැලුවා.ඒ ඇස් ලැජ්ජාවෙන් බිමට හැරුණා.මං ඇගේ අතින් අදලා ලගට ගත්තා.
"මොකද බොරු කිව්වේ..මි"තරවටු හඩින් මං ඇසුවා.
"බොරු නෙමෙයි තාම උණ තිනවා.මේ"ඇය බෙල්ලට අත තියා පෙන්නයි.
සුසිනිදු ඇගේ බෙල්ලට මා ද අත් තියා බැලුවෙමි.ලාවට රත් වි තිබුනි.ඊයට වඩා නම් අඩුය.
"උණ නම් අච්චර වේගෙන් දිව්වේ කොහොමද.. මි.."
"දුවන්නේ කකුල් දෙකෙන්නේ.."
"ඒක මං දන්නවා..ලෙඩ නම් නිදා ගන්න එපැයි."
"නින්ද යන් නැහැ.."
"ඒ මොකෝ "
"ඩොක්ටර් ව මතක් වෙනවා.."ඇගේ වචන වලට හද ගැස්ම පවා අමතක විය.මට මෙන් ඇයටද නින්ද නොගිහින් තිබුනි.මට මෙන් ඇගේ සිතේද ආදරය දලු දමමින් තිබේ.මං ඇයව තුරුලට ගෙන හිස අත ගැවේ හිතේ උපන් අනුකම්පාවෙනි.
දින ගෙව් ගියේ නොදැනිි මය.මාත් ඇයත් ඇගේ ගෙදර අයත් නොදැනිි ම අපි මිතුරන් විය.ඇය ඇගේ පනටත් වඩා මට ආදරේ කරයි.දගකාර ඒ හිතට මං මහ ගොඩක් ආදරේ දුන්නා.දැන් ඇයට මං නැතුවම බැරිය.
ආදරයෙන්,සතුට,දුක,කදුලු හා ප්රශ්න ජයගෙන අවුරුදු දෙක තුනක් ගෙවිනි.දැන් මේ ගෙවෙන්නේ හොදම දවසයි.ඒ ඇගෙත් මගෙත් විවාහ ගමනයි.සියලු දෙනාගේ ආශිර්වාද මැද මං ඇගේ ස්වාමිපුරුෂයා විය.ඇය මගේ බිරිඳ විය.දගකාරකම් නමි ටිකක් අඩු වුවද ආදරේ මහ ගොඩකි.
"තාත්ති බබෝ..මෙන්න.දග දුව සිගිත්ති මට පයින් ගහනවෝ..."ඇය බඩ අල්ලාගෙන කෑ ගසයි.ඔව් දැන් අැය ගැබිනියක්.ලස්සනට කුස ඉදිරියට නෙරා ඇවිත්ය.මං ආදරයෙන් ඒ බඩ පිරිමැද්දා ...
"සුදු දුවත් අම්මි වගේම දග පැටියෙක්ද කොහොද ."ඇගේ කුස සිප ගනිමින් මං කිවේ ආදරයෙන්.
"තාත්තියගේ දග වැඩ නිසානේ ඉතිං.."ඇය කිවේ දගකාර ලෙස සිනාසෙමිනි.
තවත් ආදරෙන් මං ඇයව තුරුලට ගත්තේ ජිවිතයේ යථාර්ථය සතුටින් විදිමිනි.
***-----****නිමි***-----****
තවත් මගේ හිතට ආපු සුට්ටි අදහසක් තමයි දැම්මේ..හොදයිද කියන්නකෝ.වැරදි තිබ්බොත් සමාවෙන්න යාලු
ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු.

No comments