දුකින් පිරුණු මේ සසර එන්න එපා - Ivanthika

ඔයත් එයාට ආදරේ මේ වගේද..
එහෙනම් මොහොතක් නතර වී කියවන්න
💝💝💝💝💝💝💝💝💝💝

.............................
••••••••••••••••••••••••••••••••••••••••••••
"ඒයි මගෙ පිස්සු කෝච්චිය"
"මොකො පිස්සු කෝලම"
"අහ් එතකොට දැන් මං පිස්සු කෝලමක්ද😠😠"
"අපොපෝඕඕඕයි😂😂න් නැ නෑ ඔයා මගෙ සුදු අම්මි දැන් කියන්නකො මොකක්ද කියන්න හැදුවෙ කියල"
"හැබැයි බනින්න බැ හලිද"
"හ්ම් හහා"
"දවසක මං මේ ලෝකෙ දාල ගියොත් මොකො කරන්න"
ශ්ශ්ශ්..
මුකුත් කියන්න එපා ඔයා මගෙ සුදු අම්මිය
අනේ ඉතින් කියන්නකො
මාත් ඔයාව හොයන් එනව
පිස්සුද මැට්ටො😠😠😠ඔයා මං වෙනුවෙන් මගෙ හීන හැබෑ කරන්න ඕනි
....................................................
ඔය තමයි මගේ ආදරේ ශානි මං පහන් අනුප සූරියආරච්චි
අපේ ආදරේට අවුරුදු 05ක් ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම අපි ආදරේ කරනව
දන්නවද අපේ ආදරේට මමිලත් ආශිර්වාද කරල ඉවරයී..
සුද්දි අපේ මමි කිව්ව ඉක්මනින් වෙඩින් එක ගන්නව කියල
අහ් ඒ මොකද හදිසියේ
හදිසියේ නෙමේ ඉතින් මමිගෙ පුතා පව්නෙ😂😂😂
අහ් ඇත්තද මැට්ටො
හී
.....................................
මැනික ඔයා අසනීපෙන්ද
ම්ම් ඔලුව ටිකක් රිදෙනව මහත්තයො
ඒ ඇයි සුද්දි රෑ නෑවද
නෑ ටික දවසක් ඉදන් රිදෙනව මමී කිව්ව බෙහෙත් ගේන්න යන් කියල
අනේ සුදු අම්මි ඉක්මනින් බෙහෙත් ගමුකො
ඔයා දන්නවනෙ ඔයා අසනිප වුනොත් මට දරාගන්න බැ කියල
අයියෝ මැට්ටො මැරෙන්න තරම් අසනීපයක් නෑ මට ඔලුව පොඩ්ඩක් රිදෙනව විතරයි
පිස්සි විකාර කියවන්න එප මමත් එන්නද බෙහෙත් ගේන්න යන්න
එපා සුද්දො මමී එනව කිව්ව
හරි සුද්දි බෙහෙත් අරන් ඇවිත් මට විස්තර කියන්නකො
•••••••••••••••••••••••••
ඩොක්ටර් දැන් ටික දවසක් ඉදන් ඔලුව රිදෙනව වේදනා නාශක ගත්තට අඩු නැහැ..
ගොඩක් දවස් ඉදන්ද දරුවො
නැ දැන් ටික දවසක්
ම්ම්ම් අපි කෝකටත් කියල චෙකප් දෙක තුනක් තියෙනව කරල බලමුකො🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 හැබැයි රිපෝට්ස් එන්නෙ දවස් දෙකකින්
එතකල් මේ බෙහෙත් බොන්න හොදට විවේක ගන්න දවස් දෙකකින් එන්නකො
හා ඩොක්ටර්
....................................................
සුදු ආවා මං
අනේ මැනික මොකද කිව්වෙ
මුකුත් නැ පන බෙහෙත් දුන්න ටෙස්ට් වගේකුත් කල
ඉතින් සුද්දි
රිපෝට්ස් දවස් දෙකකින් එන්නෙ කියල එදාට එන්න කිව්ව
අපි වෙලාවට බෙහෙත් ටික බොමු සුද්දියෝ එතකොට මගෙ කෙල්ලට ඉක්මනින් සනීප වෙනවා
හා පිස්සු කෝච්චිය
.....................................................................අනේ දෙවියනේ මගේ කෙල්ලට කවදාවත් දුකක් කරදරයක් දැනෙන්න එපා එයව ආරක්ශා කරල දෙන්න කොයල විතරමයි මං ඔබ තුමාලගෙන් ඉල්ලන්නෙ...
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
දින දෙකකට පසු,,
කොහොමද ඩොක්ටර් දුවගෙ රිපෝට්ස්
ඩොක්ටරගෙ මුහුනෙන් බැරෑරුම් ස්වරූපයක් පෙනෙයි..
සොරි මිසිස් අබේනායක මිස් ශානිට බ්‍රේන් කැන්සර් එකක්
මොකක් අනේ ඩොක්ටර් මගෙ දරුවව සනීප කරල දෙන්න කීයක් ගියත් කමක් නෑ
සොරි මිසිස්...කැන්සර් එක උඩුදුවල ඉවරයි
අනේ අම්මා😭😭😭😭😭 කෙල්ල අම්මවත් බදාගෙන හඩන්නට විය
...............................
මං දැන් මොනවද අනූට මොනවද කියන්නෙ අනේ දෙවියනේ😭😭😭
සුද්දියෝ ඩොක්ටර් මොනවද කිව්වෙ
අනු මෙහ් මෙහ්
අනේ කියන්නකො මොකද කියල
මෙහ් මෙ...
කියන්නකො සුදු අම්මි
රිපෝට්ස්
ඔව්ව්ව් ඉතින් රිපෝට්ස් මොකද දෝනි
නෝමල් කිව්ව
අම්මො මං බය උන තරමක්
මේ කෙල්ල මාව බය කලානෙ
අපිට කවදාවත් වරදින්නෙ නෑ මගෙ සුද්දියෝ අපි කාටවත් වැරැද්දක් කරල නෑනෙ
කොල්ලගෙ කතාවට කෙල්ල වාවන්නෑ
අනූ පැටියො මං නිදාගන්නම්ද දෝ මතයි
හා පන පලිත්තමින්
.............
කෙල්ල කොට්ටෙ තෙත් වෙනකන් අඩනව කාට කරපු අපරාධයක් ද කියල හිත හිත අඩනව කෙල්ලගෙ මුලු ගෙදරම මළ ගෙයක් වගෙ
හැබැයි මේ කිසිම දෙයක් කොල්ලවත් කොල්ලගෙ ගෙදරින් වත් දන්නෙ නෑ..
...........................................................................................................................සුද්දි පැටියො ඔයාට කොහොමද දැන්
සනීපයි අනූ
මැනික හදිසියේම මට ඉංග්ලන්ඩ් යන්න වෙනව ඩැඩීගෙ බිස්නස් වැඩකට
කොච්චර කාලෙකටද පන
වන් මන්ත් දෝනියො
හ්ම් පරිස්සමෙන් ගිහින් එන්නකො
හ මගෙ කෙල්ලත් පරිස්සමෙන් ඉන්නකො මං එද්දි මගෙ දොනිට ඕනි කරන ජුවෙලරීස් ටිකයි වෙඩින් කිට් එකයි අරන් එන්නම් හොදද ආව ගමන් මගෙ මැනිකව මගේ ලගට ගන්නව
===================
මමී මමී අනේ මට ගොඩක් අමාරුයි
අනෙ ඩොක්ටර් මගෙ දුව බලන්නකො
සොරි මිසිස් අබේනායක අපිට දුව වෙනෙවෙන් කරන්න මුකුත් ඉතුරු වෙලා නෑ
(කෙල්ල වෙද්දි මහරගම පිලිකා රෝහලෙ ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක)
මසකට පසු,,,
මමි සුද්දගෙ ෆෝන් වැඩ කරන්නෙ නෑනෙ ආන්ටිලත් ගෙදර නෑ
කොල්ලගෙ අම්ම නිශ්ශබ්ය
ඇයි මමි මොකක්ද වුනේ
පුතා ශානි දුව
ඇයි අම්ම මගෙ කෙල්ලට මොකද වුනේ
කියන්න අම්ම මාව පිස්සඑක් නොකර ප්ලීස් මාම් ටෙල් මී
ශානිට බ්‍රේන් කැන්සර් එකක්
වට්
එහෙම වෙන්නෙ කොහොමද මං යද්දිත් මෙගේ කෙල්ල හොදට හිටියනෙ
ඔව් පුතා එ වෙද්දිත් දුව අසනීපෙන් ඉදල තියෙන්නෙ
මට සුද්දි බලන්න ඕනි කෝ එයා දැන් ටෙල් මී මාම් ටෙල් මී
එයා ඩ්න් කැන්සර් හොස්පිට්ල් එකෙ
කොල්ල පිස්සෙක් වගෙ කෙල්ල බලන්න ගියා
කෙල්ල ඇදේ ඉන්න විදිහ දැක්කම කොල්ලට දරාගන්න බෑ කොල්ල කෙල්ලව බදාගෙන අඩනව ඒත් එක්කම කොල්ල කෙල්ලට කොලයක් දෙනව
-----------------------------------------------
2018/08/31
පිස්සු කෝච්චිය මගෙ,
මට සමාවෙන්න මගෙ මහත්තයො මට ඔයාගෙ හීන හැබෑ කරන්න ඉන්න බැරි වෙන්නයි යන්නෙ මගේ ජිවිතෙ කොඉ වෙලේද කියල කියන්න බෑ මං වගේ බෝල ඇස් තියෙන චුටි දෝනියෙක් පිස්සු කෝච්චිය වගේම දගම දග පුතු පැටියෙක් දෙන්න මට බැරි වෙනව රත්තරන් මේ ආත්මෙ මට සමාවෙන්න මං නෑ කියල වැටෙන්න එපා පරිස්සමෙන් සතුටින් ඉන්න..අන්තිම වතාවට මං ආසම විදිහට නලලට කිස් එකක් දෙන්න ප්ලීස්..😭😭😭
මීට ඔයාගෙ පිස්සු කෝලම
--------------------------------------------------
ලිව්ම කියවපු කොල්ල කෙල්ලව බදාගෙන කිස් කලා කොල්ල කෑ ගගහ අඩනව
ඩොක්ටරස්ට වගේම හැමෝටමත් පුදුමයි
ඒ අතරෙ කෙල්ල අමාරුවෙන් වචන ගැට ගගහ කතා කරන්න උත්සහ කරනව
සුද්දු මහත්ත.යො....ම.ට සමා....වෙන්න ඊලග ආත්මෙ මගේ වෙනව නේද කි..කියන්න
නැ මැනික ආයෙ මේ දුකින් පිරුනු සසරට එන්න එපා
කෙල්ල ඒ කතාවට හිනාවෙල ඔලුව වනනවා...
ඒ ලස්සන හිනාවත් එක්කම කෙල්ල මේ ලොකෙන් යන්නම යනව.
කොල්ල කොයි තරම් ඇඩුවත් කෙල්ල ආපහු එන්නෙ නෑ...
කොල්ලත් මේ දුකින් පිරුණු මේ සංසාරෙ කෙලවර කරගන්න කසාවතින් සැරසෙනව
.............................................................................................................................නිමි................................
කතාව හොදයි නම් අදහස් කියන්න යාලුවනේ
ඔයාලගෙ අදහස් කියන්නත් අමතක කරන්න එපා
 යාලුවනේ ඔයාල මොහොතක් හරි රස වින්දා නම් මගෙ උත්සාහය සාර්තකයී
ලයික් කමෙන්ට්ස් කරන යාලුවො හැමෝටම ගොඩක් ස්තූති
ඔයත් රසවින්දා වගේම තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න කියලත් ඉල්ලනව යාලුවනේ
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මම #හිරූ
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞බුදු සරනයි 💞💞

No comments