පැමිණි දුක් පැනි රසයි 09 - Sithu Amarasinghe
කාලය වේගයෙන් ගෙවිල ගියා. සංජීවනී අපේ ගෙදරට ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා.
දවසක් මායි සංජියි රූම් එකට වෙලා පාඩම් කරකර ඉද්දි වාහනයක් ඇවිත් මිදුලෙ නතර කලා. අවේලාවේ ගෙදරට ආවේ කවුද බලන්න මං පල්ලෙහාට ආවා මගෙ පස්සෙන් සංජිත් ආවා. සාලෙ හිටිය කෙනා දැක්කම මට හැමදේම අමතක උනා. සතුට වැඩි කමට මං සංජිවත් තල්ලු කරන් දිව්වෙ ආපු කෙනා ලගට.
" හොර ගෙඩියා කියන්නේම නැතුව ආව නේද. මං පාළුවෙන් හිටියේ ඔයා නැතුව. ආයෙ යන්නේ නැහැනේ. අපි හොඳ ෆන් එකක් ගමු මෙදා සැරේ. මට අලුත් යාලුවෙකුත් ඉන්නවා. "
"හම්ම් ගෙදරට ආව විතරයි හුස්ම ගන්න දෙන්නෙ නැද්ද මට ආ මගේ මැට්ටියේ."
ඒ ඇවිත් ඉන්නෙ මගේ ආදරණීය අයියා නිරාදක. තාත්තාට පස්සේ මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මගේ අයියට.
"කෝ ඉතින් මොනාද මට ගෙනාවෙ. "
"සුදු දූ අයියා ආව විතරයි නෙ. මහන්සි ඇති ටිකක් ඉන්න දෙන්න ඔය ලමයට"
"අපෝ ඔයා කොහෙන්ද අනී මතු වුනේ. "
"අනේ ඇත්තටම මේ කෙල්ල හැදෙනව අන්තිමයි. මේ දරුවාටත් හිනා. බලන්න සංජි දූ මේ කෙල්ල තාම පොඩි ලමයෙක් කියලා හිතන් අයියගෙ කරෙ එල්ලෙන හැටි. "
"ආහ් නිරො ශී ඉස් මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් සංජීවනී. එයා ඉන්නෙ අපිත් එක්ක මෙහේ."
"ඔහ් රියලි නයිස් ටු මීට් යූ සංජීවනී. අපි පස්සේ සෙට් වෙමුකො."
"නයිස් ටු මීට් යූ ටූ අයියා "
" මට මහන්සියි සුදු මං යනව ටිකක් රෙස්ට් කරන්න. මං ඔයාට තමයි මේ බෑග්ස් පුරවලා ගෙනාවෙ හවසට බලමු හොදේ මැට්ටිඈ"
"හා මැට්ටො අපි හවසට සෙට් වෙමු."
•••••••••••••••••••••••••••••••
මං හවස් වෙලා අයියාව හොයාගෙන රූම් එකට ගියා. හම්ම් අයියා පේන්න නෑ ශුවර් එකටම කුස්සියෙ රින්ගන් ඇති. මැඩම් අනුජියි සංජියයි අද මොනාද හදනව කිව්වා අයියා ආව නිසා.
හම්මේ සුවද මොනාද මෙයාල මේ පැය ගානක් තිස්සේ පණ දාගෙන හදන්නෙ.
"ආ ලමයි වැඩ වගේ. අඩේ අද අලුත් කෝකියෙක් ඉන්නෙ. වඳින්නම් මැලේසියන් කෑම නම් එපා රජෝ. දැන්ම වලකජ්ජ ගහන්න බෑ. දරු මුනුබුරෝ දකින්න ඕන."
"සුදු "
"හෝව් හෝව් අනුජියො මං දන්නවා ඔයා දැන් කියන්න යන ඩයලොග්ස් ටික. ඔන්න අහන්න ලමයි. සුදු මොකක්ද ළමයෝ ඔය කතා කරන රස්තියාදු වචන. මගේ නම අමතක වුනත් මට අනුජියගෙ ඔය ඩයලොග්ස් ටික අමතක වෙන්නේ නෑ "
"මේකිට නම් කටක් නෙමෙයි අම්මා තියෙන්නෙ. "
"හරි හරි සේරම දැන් යන්න කුස්සියෙන් මටයි සංජි දූටයි වැඩ කරගන්න. "
"අපෝ ඔන්න අපි ගියා තියාගන්න මහලොකු සංජි දූව"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
මායි අයියායි ආවේ එයාගෙ රූම් එකට. මට ගෙනාපුව ගන්න ඕනෙ නෙ ඉතින්.
"සුදූ මේ අර නංගි කොහේ කෙනෙක්ද"
"ඇඹිලිපිටියේ ඇයි "
"ඔයා කොහෙන්ද එයාව අදුන ගත්තේ "
"එයාට ශිෂ්‍යත්වයක් ලැබිල අපේ ඉස්කෝලෙට ආවේ"
"එතකොට මෙහේ ඉන්නෙ"
"ගමේ හැදිච්ච අහිංසක ලමයෙක් බන් මේ කොළඹ බෝඩින් ජීවිත අමාරුයි එයාලට ඒකයි මෙහේ නවත්තගත්තෙ.තමුසේ මොකද එයා ගැන හොයන්නෙ."
"නිකමට බන් ඒ ලමය නම් උබේ යාලුවෙක් කියලා කියන්න බෑ ඒකයි"
"එහෙමද ලොක්කා ඒකට හේතුව මං සමනලයෙක් නෙමෙයි නෙ මාත් කෙල්ලෙක් "
"පුහ් තෝ කොලු බාගයක් නෙ යකො "
"පුහ් තෝ කොලු බාගයක් නෙ යකො "
"පල ගොබිලො යන්න ආව මෙතන. දීපන්කො ගෙනාපුව. හොල්මන එන්න කලින් "
"හිටපන් ටිකක්"
"අයියේ "
හෑ ඒ කවුද බොල මේ වෙලාවේ මට බකට් පෙරලන්න ආව එකා.
"අඩෝ වරෙන් මචන්"
see you:-
කතාව කියවන නොකියවන ලයික් කොමෙන්ට් කරන හැමෝටම ආදරේ.
ජේසු පිහිටයි!
ජේසු පිහිටයි!
සිතූ
Post a Comment