ආදරය 03 - Osanda




නිමක් නැති පැතුම් මැද
සිහින රඳවා මා හදේ......
විඩාපත් වූ සිහින පොදියක
අතරමං කර ජීවිතේ....
නෙතු අගින් නෙත් පියන් අතරින්
කිමද කදුළැල් නුඹේ නෙතේ......
දුරට යනනේ මා නුඹෙන් අද
සිහින රදවා අප සිතේ.....
නුඹේ සිහිනය මට බිඳිනු බැහැ
ඔහුයි නුඹෙ සිත ඉල්ලුවේ.......
වෙන්ව යන්නට දෙන්න අවසර
මගේ සතුට නුඹ හැම භවේ......
-සඳ-

No comments